Holy Cross National Shrine, Marawila, Sri Lanka

Holy Cross National Shrine, Marawila, Sri Lanka

Reading Time: 11 minutes
5/5 - (18 votes)

Holy Cross National Shrine, Marawila (ශ්‍රී කුරුස ජාතික සිද්ධස්ථානය – මාරවිල) where Christian and non-Christian devotees gather daily from every part of the country to seek blessings from Jesus who looks down on them from the cross even in agony, reminding us of the great sacrifice made to redeem the world of its sin. Marawila Holy Cross Shrine is one of the oldest shrines in the country, and this one is built within the cemetery close to the sea.

The miraculous Kurusa Palliya, Marawila (මාරවිල කුරුස පල්ලිය), is open throughout the day and night, and some come in for a quiet moment even in the early morning. Men, women, and children who raise their eyes in prayer and pleading to the life-size statue of Jesus Christ hanging on the cross, looking down on them benevolently. While some sit cross-legged or kneel with arms outstretched on the sandy floor in this simple and Spartan Holy Cross National Shrine, others drag themselves on bended knees along the narrow concrete pathway leading to it.

They murmur their prayers silently, make a vow, or light a few candles, and go on their way, for the whispers of “prathihara and haskam” (miracles), which have been coming down the years, have in recent times become a loud call, drawing more and more faithful to the sacred ‘Kurusa Palliya’ (Holy Cross Shrine) on the Marawila wella (beach), with glimpses of the blue sea over the low wall.

Unlike the opulence of big churches, the simple structure of Marawila Holy Cross National Shrine, which is home to the statue of Christ on the Cross, is surrounded by tombstones. Burials still take place here, as it is the ‘graveyard’ of the Church of Our Lady of Presentation (ශු. කාණික්ක මාතා දේවස්ථානය) just up the road, about 350 metres away. The church had been consecrated way back on February 1, 1875, and the graveyard was established two years later, on April 15, 1877.

The embodiment of the Living Christ, the simple structure that is home to the statue of Christ, is unlike the grandeur of big churches. The main worshippers are those living in Marawila, which accounts for thousands, and Jesus Christ, who taught his disciples to be fishers of men, shines through their lives. Many people are of the view that miracles have been taking place long before this, and that is why the Chilaw diocese has the privilege of having two national shrines instead of the usual ones: St. Anne’s Church at Talawila and Kurusa Palliya at Marawila.

According to Jewish custom, a convict was sentenced to be crucified on a cross. The Lord Jesus Christ, the Son of God Most High, chose to die on the cross as a ransom for the salvation of mankind. Since then, we have venerated with sacred devotion the Holy Cross as a symbol of the sacrificial love of Jesus for us.

Information credit goes to its respective owners. (සියලු හිමිකම් එහි මුල් අයිතිකරුවන් සතුවේ)

IN HOC SIGNO VINCES – in this sign (the Cross) you will conquer. – “මේ සලකුණෙන් ඔබ ජය ගනී”

Related Post: Shrine of Our Lady of Madhu, Mannar, Sri Lanka

History of Holy Cross National Shrine, Marawila

The origins of the Kurusa Palliya statue are also surrounded by tales. In 1920, the parish priest of Marawila, Rev. Fr. Ferdinand Thiri, decided to place a cross in the cemetery. Fr. Ferdinand Thiri, a Frenchman who was Parish Priest of Marawila from 1909 to 1924, ordered the statue of Christ on the Cross from Bangalore, India, for Rs. 2.50. The money for the statue had been donated by parishioner W.W. Carolina Fernando.

Usually in most crosses, a familiar symbol in churches, the head of Christ drops down in agony and the eyes are closed, but in this case, the eyes look down tenderly and with forgiveness on a world that has betrayed and rejected him, crucifying him.

This statue was to be shipped from Bangalore to the Port of Colombo and then brought by train to Nattandiya, from where Fr. Thiri and a group of devotees would bring it to Marawila. However, to the dismay of all, when the station master opened the crate, the statue had been in pieces, and on his advice, the church had been able to claim its insurance value of Rs. 250. As was customary, the Railway Department auctioned the unclaimed cracked statue; Fr. Thiri had bought it for Rs. 2.50.

On receiving the insurance money, Fr. Thiri got a special badama (plaster) from Germany and glued the pieces of the statue together with much difficulty, but unsure of its stability and fragility, decided to keep it at the Marawila church. The people paid much honour and respect to the Holy Cross. However, the prior decision was to install the cross in the cemetery. When consulted, the parish committee raised objections, but the parish priest, Fr. Thiri, installed the Holy Cross in the cemetery in spite of opposing it. This had been done with the statue being taken in a cart drawn by two bulls.

Fr. Thiri has said that “God’s plans overlook obstacles.” Due to the unexpected stand of the parish committee, Fr. Thiri decided to leave the parish as well as Sri Lanka. He prophesied to the people, saying, “One day you will reap the fruit of my action.” With the balance of the insurance money, a small cadjan hut was erected over the statue.

Miracles of Holy Cross National Shrine, Marawila

The status is miraculous, unlike many others where Christ looks down tenderly with forgiveness on us who have betrayed him and led him to be crucified. In 1947, there was a disease similar to a skin rash spreading along the coastal villages, including Marawila, Mudukatuwa, Katuneriya, and Ulhitiyawa. It was incurable and was spreading quickly through the skin. One desperate mother, who could not bear to see her child in agony and pain due to the wounds, prostrated herself at the feet of the Holy Cross and prayed fervently for the cure of her child. She was inspired to bring a bucket of water, wash the feet of Our Lord in the Crucifix, and with that water bathe the child. She made the child drink the water too.

With healing taking place overnight, she ran to her neighbours and spread the news of the miraculous cure. One by one, the whole community flocked around the Holy Cross of the Kurusa Palliya and petitioned for the healing of their sick. They put water or oil on the feet of Our Lord and applied it to their bodies, and they experienced healing. Ever since, the devotees have been strengthened with faith in the Holy Cross. When plagued by incurable disease, the people went to the shrine to plead for a cure. Irrespective of religion, the pilgrims started coming to the shrine to get the blessings of healing. For many, Holy Cross National Shrine is the embodiment of the living Christ.

May all devotees and future generations who come to visit this sacred shrine be blessed with a fountain of graces and receive healing through repentance of their sins and faith in their maker in this hallowed shrine of the Holy Cross.

 Bishop of Chilaw, Rev. Dr. Valence Mendis

Feast day of Holy Cross National Shrine

The annual feast of the Holy Cross Shrine, Marawila, is celebrated in the month of September. On the feast day at the National Shrine of the Holy Cross at Marawila, there is no breathing space, even for a pin to drop, and all Christians are waiting impatiently for the holy mass.

Where the Holy Cross National Shrine is located?

Address: Holy Cross Shrine, Marawila (See the map)

Contact Information: Phone: 0322 254 414

“වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි. මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.

හාස්කම් පිරි ප්‍රාතිහාර්යයන් සිදුවන මාරවිල ශ්‍රී  කුරුස පල්ලිය

“වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි. මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.(මතෙව් 11:28,29)

මෙම බයිබලීය වදනින් පවසනුයේ ඔබ වෙහෙස වූ අවස්ථාවේ ඔබට උන්වහන්සේ විසින් සපයන ලද නිදහස අත්දකිනු කියාය. අප මහා දෙව් සමිඳාණන්ගේ පුත්‍රයා වූ ජේසුස් ක්‍රිස්තුස් කුරුසගතව වේදනා ලැබුයේ අප නිසාවෙනි. උන්වහන්සේ කුරුසය කර තබාගෙන කල්වාරිය තරණය කළේ මහජනයාගේ සිත සුව පිණිසය. උන්වහන්සේගේ ප්‍රාණ පරිත්‍යාගය හුදු මරණයක් නොව, සකල ලෝක සත්ත්වයාගේ නිදහස පිණිස කළ උතුම් පරිත්‍යාගයක් වන්නේය.

මාරවිල කුරුස පල්ලියට පිවිසෙන විටම වෙහෙසවන, බර උසුලන, සියල්ලනි මා වෙතට එන්න යන උක්ත බයිබලීය පාඨය අපට දැකගත හැකිය. පුත්තලම කොළඹ පාරේ මාරවිල ටවුමෙන් බැස මඳ දුරක් හලාවත දෙසට ඇවිදගෙන යනවිට මාරවිල හතරමං හන්දියෙන් වම් පැත්තේ පිහිටි පාරෙන් කිලෝමීටර් එකහමාරක් පමණ ගිය විට අපිට මාරවිල කුරුස පල්ලිය දකින්නට හැකිය. පල්ලියේ ඉදිරිපස බැලූ විට අපිට ලතින් බසින් ලියැවුණු පාඨයක් (IN HOC SIGNO VINCES) දැකගත හැකිය. එහි අරුත “මේ සලකුණෙන් ඔබ ජය ගනී” යන්නයි. එම ලතින් පාඨයෙහි ඉංග්‍රීසි අරුත වන්නේ In this sign you will conquer යන්නයි.

මාරවිල කුරුස දෙව් මැඳුර යනු, ඉතා අනුහාසාත්මක පුද බිමක් වුව  සිනිදු වැල්ලේ දෙපා තබමින් සිද්ධස්ථානය ඇතුළට යන ඔබේ දෙපයට පෑගෙන්නේ ටයිල් හෝ සිමෙන්ති ඇතිරූ බිමක් නොවේ. සිද්ධස්ථානය මැද පමණක් සිමෙන්ති තීරුවක් තිබෙන අතර එහි දෙපසම ඇත්තේ වැල්ලය. හිඳගන්නට බංකු හෝ අසුන් පනවා නැත. බොහෝ සිද්ධස්ථානවල මෙන් ලොකු පල්ලි, පොඩි පල්ලි කියා කොටස් දෙක තුනක් නැත. එකම ශාලාවක් ලෙසට ඉදිකර ඇති කුඩා පල්ලියේ අල්තාරය පිටුපසින් පෙනෙන්නේ කුරුසපත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විශාල ප්‍රතිමාවකි. සිද්ධස්ථානය දෙපස ඇත්තේ විවිධාකාර සොහොන්කොත් සහිත සුසානයයි. ජීවිතයේ විවිධාකාර ප්‍රශ්නවලින් සහනය පතා දෙවිදුන් යදින්නන්ට එය සුසානයක් වීම කිසිසේත්ම ගැටලුවක් නොවන බව පසක් කරමින් දිවයිනේ නන් දෙසින් බැතිමත්හු දිනපතා වේලාවක් අවේලාවක් නැතිව මෙම ශ්‍රී කුරුස සිද්ධස්ථානය කරා පැමිණෙන්නාහ.

දෙව් මැඳුර පිටුපසින් හලාවත මුහුදු තීරයට අයත් සුන්දර මාරවිල මුහුදු වෙරළ දිස්වෙයි. එය මෙම දෙව් මැඳුරට එන බැතිමතුගේ දුක් සංකා නිවාලයි. දෙවියන්ගේ පුත්‍රයා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ වැඩ සිටින ප්‍රතිමා අපිට දෙව් මැඳුරු තුළ දැකිය හැකිය. එම ප්‍රතිමාවන්හි උන්වහන්සේගේ මුහුණ වේදනාත්මක සහ තැතිගන්වනසුලු ස්වරූපයක් පෙන්නුම් කරයි. එවැනි ප්‍රතිමාවල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිර්මාණය කර ඇත්තේ උන්වහන්සේ ශ්‍රී දෙනෙත වසාගෙන සිටිනා අයුරිනි. මාරවිල සිරි කුරුස දේවස්ථානයෙහි ඇති ප්‍රතිමාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෘදුකමින් හා දයාවෙන් ලෝකය දෙස බලා සිටින බවක් පෙන්නුම් කරයි. එය එම ප්‍රතිමාවෙහි විශේෂ ලක්ෂණයකි.

මාරවිල කුරුස පල්ලියේ වාර්ෂික මංගල්‍යය සැප්තැම්බර් මස පැවැත්වෙන අතර එයට කිතුනුවන් පමණක් නොව අනෙකුත් ආගමික භක්තිකයෝද පැමිණෙති. මෙම දේවස්ථානයේ තවත් විශේෂ දෙයක් ලෙස, මුහුදු වෙරළේ තිබෙන දේව මෑණියන්ගේ සුරුවම පෙන්වා දිය හැකිය. එම දේව මෑණියන්ගේ සුරුවම ද බැතිමතුන්ගේ නොමඳ ආදරය දිනාගෙන ඇත.

(IN HOC SIGNO VINCES)

මාරවිල ශ්‍රී  කුරුස පල්ලියෙහි ඉතිහාසය

ප්‍රාතිහාර්යයන් පෑ දේව ප්‍රතිමාවක් නිසා දෙව් මැඳුරක් බවට පත් වූ සුසාන භූමිය මාරවිල කුරුස පල්ලිය

කතෝලික දෙව් මැඳුරකට යාව සුසාන භූමියක් වෙන්කිරීමේ සභා සම්ප්‍රදාය අනුව මාරවිල දෙව් මැඳුරට (ශු. කාණික්ක මාතා දේවස්ථානය) මීටර් 350ක් පමණ දුරකින් වූ ඉඩමක් මාරවිල සුසාන භූමිය ලෙස 1877 අප්‍රේල් මස 15 වැනි දින එවක අගරදගුරු අති උතුම් මැලිසන් හිමිපානන්ගේ අවසරය ඇතිව ගරු කොන්ස්ටන්ට් චුනවෙල් පියතුමා විසින් ආසිරි ගන්වා ඇත. ඒ වර්තමාන ශ්‍රී  කුරුස සිද්ධස්ථානයයි. මියගිය කිතුනුවකු භූමදානය සඳහා ගෙනගිය අවස්ථාවලදී හැර ජනතාවගේ අවධානයට ලක්නොවූ සුසාන භූමිය වල් බිහිවිය.

ක්‍රි.ව. 1909දී මාරවිල  මීසම භාරගත් ප්‍රංශ ජාතික ගරු ෆර්ඩින්ඩ් තිරි නි.ම.නි. පියතුමා ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී  මරණය ස්මරණය කිරීමට සුසාන භූමියේ ශ්‍රී  කුරුස ප්‍රතිමාවක් ඉදිකිරීමට මීසම් ජනතාවට යෝජනා කළේය. කුරුසියේ තැන්පත් කිරීමට ජේසු සමිඳුන්ගේ ප්‍රතිමාවක් ඉන්දියාවේ බැංගලෝරයෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වූ රු. 2.50ක මුදල බැතිබර කාන්තාවක වූ ඩබ්ලිව්.ඩබ්ලිව්. කැරලෝනා ප්‍රනාන්දු විසින් පරිත්‍යාග කරන ලදැයි සඳහන් වේ. ඉන් දිරිමත් වූ ගරු තිරි පියතුමා බැංගලෝරයේ ප්‍රතිමා නිපදවන ආයතනයකට ඇණවුම භාර දුන්නේය. බැංගලෝරයේ සිට නැවකින් කොළඹට එවන ලද ප්‍රතිමාව කොළඹ සිට දුම්රියෙන් නාත්තණ්ඩිය දුම්රිය ස්ථානයට ප්‍රවාහනය කර ඇත.

ප්‍රතිමාව භාරගැනීමට ගරු තිරි පියතුමා මීසමේ පිරිසක්ද සමඟ දුම්රිය ස්ථානයට ගියේය. දුම්රිය ස්ථානාධිපතිවරයා පියතුමාට ප්‍රතිමාව භාරදීම සඳහා ප්‍රතිමාව තිබූ මංජුසාව විවෘත කළ විට සියල්ලන්ගේ සිත් කම්පාවට පත් කරමින් ප්‍රතිමාව ස්ථාන කීපයකින් බිඳී තිබිණි.

දුම්රිය ස්ථානාධිපතිවරයාගේ දැනුවත් කිරීම මත පියතුමා ප්‍රතිමාව භාරගැනීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව ස්ථානාධිපතිවරයා ප්‍රතිමාව හිමිකම් නොපාන භාණ්ඩයක් ලෙස සලකා වෙන්දේසි කළේය. පියතුමා රුපියල් 2.50ක මුදලකට ප්‍රතිමාව මිලදී ගෙන දෙව් මැඳුරට රැගෙන ආවේය. එම අවස්ථාවේ හානි වී තිබූ සුරුවම පිළිබදව මීසම් සේවක පියතුමා සුරුවම සෑදූ සමාගමට දැන්වූ අතර, එවිට එම සමාගම විසින් රුපියල් 250ක මුදලක් නැවත පියතුමා වෙතට එවා ඇත. දුම්රියේ පැමිණි කිසිවකු හෝ දුම්රි‍ය පාලනාධිකාරියේ කිසිවකුත් දුම්රිය තුළ සුරුවමක් ඇති බවට අවබෝධයක් නොතිබූ අතර අවබෝධයක් තිබුණේ නම් මීට වඩා සැලකිලිමත් වන බව පියතුමා හට දුම්රිය බලධාරීන් සැල කර ඇත.

එකල මාරවිල සිද්ධස්ථානයට ළඟම පිහිටි දේවස්ථානය වූයේ කානික්ක දේව මාතා දේවස්ථානයයි (Our Lady of Presentation Church). කුරුස පල්ලිය එකල සුසාන භූමිය විය. තිරි පියතුමා දැඩි වෙහෙසක් ගෙන හානි වූ සුරුවම මාරවිල ප්‍රදේශයේම කතෝලික භක්තික මහතකු ලවා නැවත පිළිසකර ඉන් අනතුරුව මෙම සුරුවම 1921දී සුසාන භූමියේ තැන්පත් කිරීමට පියවර ගෙන ඇත. ප්‍රතිමාවේ ශක්තිය පිළිබඳව මතුවූ සැකය මත ප්‍රතිමාව සඳහා පියස්සක්ද ඉදිකළේය.

1924දී මීසමට පැමිණි ගරු මෙල්ගා පියතුමා මළවුන්ගේ මංගල්‍යය සමරන නොවැම්බර්  02 දින සුසාන භූමියේ ප්‍රතිමාව අබියස දිව්‍ය පූජාව සිදු කළේය. 1930දී එතුමා මීසමෙන් බැහැරව යෑමෙන් පසු එම සිරිත අභාවයට යෑමෙන් පසු යළිත් ප්‍රතිමාව ජනතා අවධානයෙන් ගිලිහී ගියේය.1947 අග භාගයේදී සුසාන භූමිය අවට පදිංචි ජනතාව අතර චර්ම රෝගයක් වසංගතයක් ලෙස පැතිර ගියේය. ඉන් බොහෝ පීඩාවට පත්වූයේ කුඩා දරුවන්ය. ප්‍රතිකාර ලබාගැනීමට මාරවිල රජයේ රෝහල වෙත යෑමට සිදුවිය. ප්‍රවාහන පහසුකම් මඳවීම හා ඒ සඳහා වැය කිරීමට මුදල් නැතිකම නිසා බොහෝ දෙනෙක් අසනීපයෙන් පීඩා විදීමට සිදුවිය.

සිය දරුවන් චර්ම රෝගයට ගොදුරු වූ දිළිඳු මවක් සුසාන භූමියේ ප්‍රතිමාව හමුවේ වැඳවැටී දරුවන්ට සුවය පතා දෙවියන් වහන්සේට යාඤා කර ප්‍රතිමාවේ පාද තෙල්වලින් දෝවනය කොට එම තෙල් දරුවන්ගේ සිරුරෙහි ආලේප කළාය. දැඩි දේව භක්තියත් අචල විශ්වාසයත් හමුවේ ටික දිනකින් ඇයගේ දරුවෝ සුවය ලැබූහ. මෙය ඇසූ ඇයගේ අසල්වැසියෝද ප්‍රතිමාව හමුවෙහි යාඤා කර ප්‍රතිමාවේ පාද තෙලින් නහවා එම තෙල් ඇඟ ගල්වා රෝගයෙන් සුවය ලැබූහ. මේ ප්‍රාතිහාරී පුවත මුළු මාරවිල අස්සක් මුල්ලක් නෑරම විදුලි වේගයෙන් ප්‍රදේශවාසීන් අතර ව්‍යාප්ත වී ඇත.  ඉන් පසුවද මෙම පුදබිමෙහි මේ සුරුවම ස්පර්ශ කිරීමෙන් නොසිතු විරූ ප්‍රාතිහාර්යයන් සිදුවූ බව ඉතිහාසයේ කියැවේ.

චර්ම රෝගය පහවීමෙන් පසුවද තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යාඤා කිරීමට බොහෝ දෙනා ප්‍රතිමාව වෙත පැමිණියහ. විශේෂයෙන් සිකුරාදා දිනවල එසේ පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව විශාල විය. ප්‍රතිමාව අබියස සංවිධානත්මකව යාඤා කිරීමට අවට මීසම් ජනතාව පුරුදු වූහ. එහෙත් ඒ කිසිවකට පියතුමන්ලාගේ අවසරය හා අනුබලය හිමි නොවීය. කෙසේ වුවද වැඩිකල් නොයා ප්‍රතිමාව අවට වන්දනා ස්ථානයක ස්වරූපය ගත්තේය. ප්‍රතිමාව අරබයා තොරතුරු හලාවත රදගුරු අති උතුම් එඩ්මන්ඩ් පීරිස් හිමිපාණන්ටද සැලවුවද ඒවා පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප නොකර විවෘත මනසකින් එතුමා තොරතුරු අධ්‍යයනය කළේය. ඒ අතර අගරදගුරු අති උතුම් තෝමස් කුරේ හිමිපාණෝ එම ස්ථානය විමර්ශනය කිරීමට කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ විදුහල්පති ගරු පීටර් පිල්ලේ විද්වත් පියතුමා මෙහි එවීය. විමර්ශනයට පැමිණි පියතුමා දුටුවේ සුසාන භූමියකට වඩා වන්දනා ස්ථානයක සිරිගත් භූමියකි. එතුමා ඒ බව අගරදගුරුතුමාට වාර්තා කළේය.

1948දී රදගුරු එඩ්මන්ඩ් පීරිස් හිමිපාණන්ගේ ඉල්ලීම  මත ප්‍රතිමාව හමුවේ යාච්ඤා කර සුවය ලද බව ප්‍රකාශ කළ රෝගීන් බැහැදැකීමට කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය සිඩ්නි ජයවර්ධන පැමිණියේය. රෝගීන් විශාල පිරිසක් හමුවී ඔවුන්ගේ සුවයට පෙර හා පසු වෛද්‍ය වාර්තාද අධ්‍යයනය කර ඔහු වාර්තා කළේ එම සුව වීම් රැසකට වෛද්‍ය විද්‍යාත්මකව හේතු දැක්විය නොහැකි බවය. කෙසේ වුවද සභාව මෙම සියලු කරුණු දෙස බැලුවේ උපේක්‍ෂා සහගතවය. එහෙත් විශ්වාසයකින් පුදබිම ප්‍රාතිහාර්යන් සිදුවන ස්ථානයක් ලෙස සැලකූහ. පැමිණි විශාල වන්දනා පිරිස සඳහා පොල් අතු යොදා ආවරණයක්ද වෙනත් අවශ්‍ය පහසුකම්ද සපයනු ලැබීය. 1948 සිට රදගුරුතුමාගේ අවසරය මත නොවැම්බර් මාසයේ සිකුරාදා දින මළවුන් සමරා ප්‍රතිමාව අබියස දිව්‍ය පූජාව සිදුකර ඇත.

1969 වසරේ මීසමේ අභිවෘද්ධි ආලේපය දානයට පැමිණි එවක හලාවත යුව රදගුරු අති උතුම් ෆ්‍රෑන්ක් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගෙන් මීසම්වාසීන් විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම ශ්‍රී  කුරුසියේ විජයග්‍රාහී මංගල්‍ය මෙම පුදබිමේදී සිදුකිරීමට අවසර හිමි විය. එම වසරේ මීසම් පාලක ලෙස පැමිණි ‍ෙදාන් මර්සලින් ප්‍රනාන්දු පියතුමා ස්ථානයේ වූ තාවකාලික ඉදිකිරීම් ඉවත් කර නව ගොඩනැඟිල්ලක් ඉදිකළේය. මේ වන විට ශ්‍රී  කුරුසියේ දෙව් මැඳුර දිනපතා අති විශාල ජනතාවක් පැමිණෙන පුදබිමක් බවට පත්ව තිබුණේය. පියතුමා පුදබිමට පැමිණෙන ජනතාවට උපකාර වීමට හා අවශ්‍ය පහසුකම් සැපයීමට කමිටුවක්ද පත් කළේය.

වන්දනාකරුවන් නිතර ස්පර්ශ කිරීම හා පොල්තෙල් වත්කිරීම නිසා ප්‍රතිමාවේ පාද නිතර කිලිටි වීම වැළැක්වීම සඳහා පසුකාලීනව ප්‍රතිමාව ඉදිරියෙන් වීදුරු යොදා ආවරණය කිරීමට සිදුවිය. මෙම පුදබිම හලාවත පදවියේ සිද්ධස්ථානයක් ලෙස අති උතුම් ෆ්‍රෑන්ක් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් විසින් නම් කරන ලද්දේය. ගරු රොන්කල්ලිද සිල්වා පියතුමා මාරවිල මීසම් පාලක හා සිද්ධස්ථාන පරිපාලකව  සිටියදී සිද්ධස්ථානයේ එළිමහන් පාද නමස්කාර ස්ථාන සහ නවාංග රැසක් සිද්ධස්ථානයට එක් කළේය. 2011 දෙසැම්බර් 16 දින ශ්‍රී  ලංකා ජනරජයේ ගැසට් පත්‍රයක් මඟින් සිද්ධස්ථානය ප්‍රසිද්ධ වන්දනා ස්ථානයක් ලෙස නම් කිරීමෙන් ශ්‍රී  කුරුස සිද්ධස්ථානය ජාතික සිද්ධස්ථානයක් බවට පත්විය.

ජනප්‍රවාදයේ සඳහන් වන කාරණාවලට අනුව ජුසේවාස් පියතුමාගේ පාද ස්පර්ශය මේ ශුද්ධ භූමියෙහි තබා ඇති බව කියයි. ජනප්‍රවාදයට අනුව මේ අතීතයේ බිම් කොටස හේනක් වූ අතර මෙහි විවිධ එලවලු පලතුරු වවා තිබී ඇත. ශු ජුසේවාස් මුනිතුමා පුත්තලමේ සිට මීගමුව දක්වා ගිය ගමනකදී දැඩි හිරු රශ්මිය පැවති දිවා කලයේදී මෙම හේන අසලින් ගමන් කර ඇත. විඩාවට හා දැඩි පිපාසයට පත් ජුසේවාස් මුනිතුමා හේනෙහි කොමඩු වැලක වූ හෙඩියකින් අඩක් කපාගෙන අනුභව කර ඇත. දුරක සිට එම සිද්ධිය දුටු ගොවියා කෝපයට පත්ව බැනවදිමින් ජුසේවාස් මුනිතුමා ලගට ලගාවී ඇත. එහිදී ජුසේවාස් මුනිතුමා පවසා ඇත්තේ තමන් කොමඩු ගෙඩිය නොකඩා ඉන් කොටසක් කපාගෙන කෑමට ගත් බවය. ගෙඩිය දෙස බැලු ගොවියා දැක ඇත්තේ දෙකඩ වූ කොමඩු ගෙඩිය හාවී සම්පූර්ණ ගෙඩිය වැලේ ඇති බවයි.

Information credit goes to its respective owners. (උපුටාගැනිමකි… සියලු හිමිකම් එහි මුල් අයිතිකරුවන් සතුවේ)

Affiliate Disclosure: As an Amazon Associate, I earn from qualifying purchases. This blog post may contain other affiliate links as well by which I earn commissions at no extra cost to you. 

1 thought on “Holy Cross National Shrine, Marawila, Sri Lanka”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

SA Graphics Official